ලංකා බැංකුවට අනුබද්ධිත මර්චන්ට් බැංකුවේ 2013 වසරේ ආදායම 2012 වසරට සාපේක්ෂව 26%කින් එනම් රුපියල් බිලියන 2.36ක් දක්වා වර්ධනය වී ඇතැයි එහි වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සමාගම සිය 30වන සංවත්සරයට සමගාමීව 2012/13 වසරේ දියත් කල ශාඛා හා ව්‍යාපාර ප්‍රසාරණ ක්‍රියා මාර්ගය මෙන්ම සේවක කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ආදායම් වර්ධනය ලඟා කර ගැනීමට හැකි වූ බව එහි සභාපති එම්. ආර්. ෂා මහතා පවසයි.
මෑතකදී විවෘත කරන ලද ව්‍යාපාර ස්ථාන 16 මගින් 2013 වසරේ මුළු ආදායමෙන් 15% හෙවත් මිලියන 334ක ආදායමක් උපයන්නට සමත් වූ බවද ඉන් බොහොමයක් මේ වන විටත් ලාභ මාවතට පිවිස ඇති බවද ඒ මහතා සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කර සිටී.
කල්බදු අංශයේ පසුගාමිත්වය නිසාවෙන් සමාගමේ 2012 සමස්ත ලාභය රුපියල් මිලියන 201 සිට රුපියල් මිලියන 117 දක්වා පහල බැස තිබේ.මේ අනුව 2013 වසර අවසානයේ සමාගමේ කොටසක මිල රුපියල් 1.49 සිට 0.87 දක්වා පහළ බැස තිබේ.
මහජන තැන්පතු රැස් කිරීමක් නොකරන නිසා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතය අඩු වීමේ ප්‍රවණතාවය සමාගමට බල පෑමක් නොවුනද මෙම කල්බදු අංශයේ දැක්වූ මන්දගාමිත්වය මෙම අඩු පොලී අනුපාත ප්රතිලාභ එලෙසින්ම අත් කර ගැනීමෙහි ලා බාධාවක් වූ බවද සභාපතිතුමා පවසයි.
සමාගමේ වත්කම් ගත වූ වසර තුල 12%ක් එනම් රු.බි 13.27ක් වී ඇත. ණය කලඹද 7%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 9.91 අගයක පවතී. එසේම සමූහයේ 2012 වසරේ ආදායම වූ රුපියල් බිලියන 3.96ක අගය රුපියල් බිලියන 4.28ක් දක්වා ඉහල යද්දී සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 1.76 සිට රුපියල් බිලියන 1.53 දක්වා පහත වැටී තිබේ.
කොළඹ කොටස් වෙළඳපල අයහපත් ප්රවණතා මෙන්ම සමූහයේ කොටස් තැරැව්කාර ආයතනය වූ ලංකා සිකියුරිටීස් ආයතනය මේ නිසා දැක්වූ අලාභද මෙම සමූහයේ අලාභ වර්ධනයට බලපා තිබේ.
මහ බැංකුවේ මූල්‍ය අංශයේ ඒකාබද්ධ වීම් තීරණයන්ට මුලින්ම ධනාත්මක ප්‍රතිචාර දක්වන සමාගමක් බවට පත් වෙමින් MBSL ඉතිරිකිරීමේ බැංකුව මෙන්ම MCSL ෆයිනෑන්ෂල් සර්විසස් හා එක්ව තම සමාගම නුදුරේදීම මුදල් සමාගමක් ලෙස කළ එළි දකින බව මේ අතරේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටී. මුතුගල මහතා පවසයි.