mbsl bulding

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. (MBSL ආයතනය) “MBSL රාජ්‍ය අභිමන්” නමින් රාජ්‍ය සේවකයන්ට ද, “MBSL සැලියුට්” නමින් ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන්ට ද සුවිශේෂී වරප්‍රසාද සහ සේවා රැසක් සහිත ණය යෝජනා ක්‍රමයක් සහ ලීසිං පහසුකමක් අලුතෙන් හදුන්වා දී තිබේ. කොරෝනා වසංගතය නිසා ඇති වී තිබෙන මූල්‍ය අපහසුතා මඟහරවා ගැනීම සදහා මෙම විශේෂ ණය සහ ලීසිං යෝජනා ක්‍රමය හදුන්වා දී ඇත.

රාජ්‍ය සේවකයන්ට හදුන්වාදී ඇති විශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාරික සහ පුද්ගලික ණය ලබා ගන්නා පාරිභෝගිකයන්ට ණය ආපසු ගෙවීම සදහා සහනදායි විශේෂ වාරික ක්‍රමයක් හදුන්වා දී තිබේ. ඊට අමතරව MBSL ආයතනයට අයත් මඩම්පැල්ල සහ මාරවිල දේපල සංවර්ධන ව්‍යාපෘතිවලින් දේපල මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රු. ලක්ෂ 3 දක්වා වට්ටම් හිමිවේ. විශේෂ ලීසිං පහසුකම් යටතේ ලබා ගන්නා ඕනෑම ලීසිං පහසුකමක් වෙනුවෙන් අඩු කළ පොලී අනුපාතයක් යටතේ වාරික ක්‍රරමයක් හදුන්වා දී තිබේ.

MBSL ආයතනයෙන් මෙම විශේෂ මූල්‍ය සේවා ලබා ගන්නා පාරිභෝගිකයන්ට තවත් වාසි රැසක් හිමි වේ. අවම ලිය-කියවිලි ප්‍රමාණයකින්, එක් දිනකින්, තරගකාරී පොලී අනුපාතයක් යටතේ සේවා ලබා දීම, මූල්‍ය සේවා ලබා ගන්නා පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටම අනුව වාරික මුදල සහ කාලය තීරණය කිරීම, කිසිදු ලිය-කියවිලි ගාස්තුවක් අය නොකිරීම එම වාසිවලින් සමහරකි.

1982 දී ආරම්භ කරන ලද MBSL ආයතනය 1991 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළ පොදු සමාගමක් බවට පත්විය. වර්තමානයේ එය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික මූල්‍ය සේවා ක්ෂේත්යේ අති සාර්ථක පුරෝගාමි මූල්‍ය ආයතනයක් ලෙස ස්වකීය ගනු-දෙනුකරුවන්ට ලීසිං පහසුකම්, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම්, වෙළෙඳ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම්, සංස්ථාපිත උපදේශක සේවා, කොටස් වෙළෙඳපොළ කටයුතු, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, දේපළ වෙළෙදාම සහ රන් ණය සේවා යනාදි මූල්‍ය සේවා රැසක් සපයයි.

MBSL ආයතනයේ විශාලතම කොටස් හිමියා වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ උපාය මාර්ගික කොටස් ප්‍රමාණය 74% කි. MBSL ආයතනයේ දිවයින පුරා ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 49 ක් ස්ථාපිත කර ඇත.


Merchant Bank of Sri Lanka & Finance PLC © 2021

Solution by LankaCom