mbsl bulding

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. (MBSL) කෘෂිකර්මාන්තයට අතදීමක් වශයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ගැලපෙන ආකාරයට විශේෂයෙන් නිර්මාණය කරන ලද ‘කර්තාර්’ ට්‍රැක්ටරය සදහා විශේෂ ලීසිං පැකේජයක් හදුන්වා දී ඇත. මෙම ලීසිං පැකේජය යටතේ ගොවීන්ට, කෘෂිකර්මාන්තයේ නිරත සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ‘කර්තාර්’ ට්‍රැක්ටරය කන්න වාරික පහසුකම් සහිතව මිලදී ගත හැකිය. පහසු ගෙවීමේ ක්‍රම, නොමිලේ රක්ෂණය, නොමිලේ ලියාපදිංචිය, කඩිනම් සේවය ඇතුළු විශේෂ වරප්‍රසාද රැසක් මෙම ලීසිං පහසුකම සදහා MBSL ආයතනය ලබා දෙයි. තවද මෙම විශේෂ ලීසිං පැකේජය යටතේ කර්තාර් ට්‍රැක්ටරය මිලදී ගන්නා පාරිභෝගිකයන්ට වසර 2 ක හෝ වැඩ පැය 2000ක වගකීම, නොමිලේ සේවා වාර 3 ක්, සේවා වාර 4කට නොමිලේ උපාංග යන වාසි ද අත් වේ.

ඉන්දීය කෘෂි යාන්ත්‍රීකරණ ක්ෂේත්‍රෙය් වසර 40 කට අධික පළපුරුද්දක් ඇති කර්තාර් ඇග්‍රෝ සමාගම නිෂ්පාදනය කර ඇති කර්තාර් ට්‍රැක්ටරය බලය, ශක්තිය, සුපිරි තාක්ෂණය සහ සුව පහසුව එක් කළ අද්විතීය නිෂ්පාදයකි. ශ්‍රි ලංකාවේ ප්‍රධාන පෙළේ කෘෂිකාර්මික සමාගමක් වන ඇග්ස්ටාර් සමාගම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික තත්වයන්ට උපරිම ආකාරයෙන් ගැලපෙන ආකාරයට කර්තාර් ට්‍රැක්ටරය නිර්මාණය කර ගොවි ජනතාවට ලබා දෙයි. දැනට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රෙයේ භාවිතා වන ට්‍රැක්ටර් අතර උසම ට්‍රැක්ටරය මෙම කර්තාර් ට්‍රැක්ටරයයි.

4WD සහිත අධි බලැති, අශ්ව බල 50 ලොව සුපතල කිර්ලොස්කාර් එන්ජිම, වැඩි කාර්යක්ෂමතාවයක් සදහා ඉන්ඩිපෙන්ඩන්ට් PTO සමග ඩබල් ක්ලච්, හැසිරවීම පහසුව සදහා ඉදිරිපස ඩබල් ජැක් සහිත පවර් ස්ටීයරින් පද්ධතිය, වාර්තාගත වැඩිම උපාංග එසවුම් ධාරිතාව, ඕනෑම මඩක හැසරවීම පහසු කරන විශාල පුළුල් මඩ කට්ට සහිත ටයර්, ජංගම දුරකතනය Bluetooth මගින් සම්බන්ධ කළ හැකි MP3 ප්ලේයරය සහිත ස්පීකර් පද්ධතිය, වාර්තාගත අඩුම ඉන්ධන දහනය යනාදි තවත් විශේෂාංග රැසකින් කර්තාර් ට්‍රැක්ටරය සමන්විත වේ.

1982 දී ආරම්භ කරන ලද MBSL ආයතනය 1991 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළ පොදු සමාගමක් බවට පත්විය. වර්තමානයේ එය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික මූල්‍ය සේවා ක්ෂේත්යේ අති සාර්ථක පුරෝගාමි මූල්‍ය ආයතනයක් ලෙස ස්වකීය ගනු-දෙනුකරුවන්ට ලීසිං පහසුකම්, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම්, වෙළෙඳ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම්, සංස්ථාපිත උපදේශක සේවා, කොටස් වෙළෙඳපොළ කටයුතු, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, දේපළ වෙළෙදාම සහ රන් ණය සේවා යනාදි මූල්‍ය සේවා රැසක් සපයයි.

MBSL ආයතනයේ විශාලතම කොටස් හිමියා වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ උපාය මාර්ගික කොටස් ප්‍රමාණය 74% කි. MBSL ආයතනයේ දිවයින පුරා ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 49 ක් ස්ථාපිත කර ඇත.


Merchant Bank of Sri Lanka & Finance PLC © 2021

Solution by LankaCom