mbsl bulding

කොරෝනා රෝග වසංගතය නිසා අඩ-පණ වූ ව්‍යාපාර කටයුතු නැවත පටන් ගෙන නව ජවයකින් ඉදිරියට ගෙන යෑම සදහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට අත-හිත දීමට මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී (MBSL) ආයතනය, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සමඟ අත්වැල් බැදගෙන ඇත. ඒ අනුව යුරෝ IV නව තාක්ෂණයෙන් නිෂ්පාදිත DOST වර්ගයේ ට්‍රක් රථයක් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් එකවර මුදල් ගෙවා මිලදී ගැනීමට අපහසු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට MBSL ආයතනයේ විශේෂ ලීසිං පැකේජයක් යටතේ මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.

ලියාපදිංචිය සහ රක්ෂණය නොමිලේ, වෙළෙඳපොළේ අවම මාසික වාරිකය, ආදායමට සරිලන ලෙස වාරික ගෙවීමේ හැකියාව, වසර 6 ක් දක්වා ගෙවීමේ හැකියාව, අවම ලියකියවිලි, කඩිනම් එක් දින සේවය MBSL ආයතනයේ විශේෂ ලීසිං පැකේජය යටතේ පාරිභෝගිකයන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද වේ.

MBSL සහ ලංකා අශෝක් ලේලන්ඩ් හවුල්කාරිත්වය පිළබද අදහස් දක්වන MBSL ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගමලත් මහතා......"කොරෝනා රෝග වසංගතය හේතු කරගෙන රටේ ජාතික ආර්ථිකයේ යම් පසුබෑමක් ඇතිවී තිබෙනවා. ජාතික ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීම සදහා එයට ඉමහත් දායකත්වයක් ලබා දෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැවත ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් මේ අවස්ථාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර නැවත ගොඩ නැගීම සදහා ප්‍රාග්ධනය සොයා ගැනීම අපහසුයි. රටේ ආර්ථික සංවර්ධනයට සහයෝගය ලබා දෙන වගකිව යුතු මූල්‍ය ආයතනයක් හැටියට අප ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සමඟ සහයෝගයෙන් මෙවැනි මූල්‍ය පහසුකමක් හදුන්වාදීමට කටයුතු කළේ එම නිසයි."

1982 දී ආරම්භ කරන ලද MBSL ආයතනය 1991 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළ පොදු සමාගමක් බවට පත්විය. වර්තමානයේ එය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික මූල්‍ය සේවා ක්ෂේත්යේ අති සාර්ථක පුරෝගාමි මූල්‍ය ආයතනයක් ලෙස ස්වකීය ගනු-දෙනුකරුවන්ට ලීසිං පහසුකම්, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම්, වෙළෙඳ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම්, සංස්ථාපිත උපදේශක සේවා, කොටස් වෙළෙඳපොළ කටයුතු, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, දේපළ වෙළෙදාම සහ රන් ණය සේවා යනාදි මූල්‍ය සේවා රැසක් සපයයි.

MBSL ආයතනයේ විශාලතම කොටස් හිමියා වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ උපාය මාර්ගික කොටස් ප්‍රමාණය 74% කි. MBSL ආයතනයේ දිවයින පුරා ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 49 ක් ස්ථාපිත කර ඇත.


Merchant Bank of Sri Lanka & Finance PLC © 2021

Solution by LankaCom