mbsl bulding

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සීඩීී (MBSLආයතනය) ත්‍රී-රෝද රථ සදහාම විශේෂ වූ නව ලීසිං සේවාවක් “MBSL-වීල් ඩීල්”නමින් වෙළෙඳපොළට හදුන්වා දී ඇත. මෙම ලීසිං සේවාව යටතේ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරත වූවන්ට, ස්වයං රැකියාවන්හි නිරත වූවන්ට, සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියාවක් ලෙස ත්‍රී-රෝද රථ කුලී සේවයේ නිරත වීමට අපේක්ෂා කරන්නන්ට ලියාපදිංචි කළ ත්‍රී-රෝද රථ සදහා ලීසිං පහසුකම් ලබා ගත හැකිය. MBSL ආයතනය “MBSL -වීල් ඩීල්”ලීසිං පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ රක්ෂණ ආවරණයක් සහ වගකීමක් සහිත Full HD ඩෑෂ් කැමරාවක් හෝ DSI ටයරයක් නොමිලේ ලබා දෙයි. “MBSL -වීල් ඩීල්” සේවාව ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට ලීසිං වාරික වශයෙන් දිනකට ගෙවීමට සිදු වන්නේ රු. 90 ක මුදලක් (කොන්දේශි සහිතයි) පමණි.

MBSL ආයතනයෙන් මෙම ලීසිං සේවාව ලබා ගන්නා පාරිභෝගිකයන්ට තවත් වාසි රැසක් හිමි වේ. අවම ලිය-කියවිලි ප්‍රමාණයකින්, එක් දිනකින්, තරගකාරී පොලී අනුපාතයක් යටතේ ලීසිං සේවාව ලබා දීම, ලීසිං ලබා ගන්නා පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටම අනුව වාරික මුදල සහ කාලය තීරණය කිරීම එම වාසිවලින් සමහරකි. “MBSL -වීල් ඩීල්”ලීසිං සේවාව සඳහා කිසිදු ලිය-කියවිලි ගාස්තුවක් අය නොකරයි.

1982 දී ආරම්භ කරන ලද MBSLආයතනය 1991 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළ පොදු සමාගමක් බවට පත්විය. වර්තමානයේ එය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික මූල්‍ය සේවා ක්ෂේත්යේ අති සාර්ථක පුරෝගාමි මූල්‍ය ආයතනයක් ලෙස ස්වකීය ගනු-දෙනුකරුවන්ට ලීසිං පහසුකම්, සුළු හා මධ්‍යයම පරිමාණ කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම්, වෙළෙඳ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම්, සංස්ථාපිත උපදේශක සේවා, කොටස් වෙළෙඳපොළ කටයුතු, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, දේපළ වෙළෙදාම සහ රන් ණය සේවා යනාදි මූල්‍ය සේවා රැසක් සපයයි.

MBSL ආයතනයේ විශාලතම කොටස් හිමියා වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ උපාය මාර්ගික කොටස් ප්‍රමාණය 74% කි. MBSL ආයතනයේ දිවයින පුරා ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 49 ක් ස්ථාපිත කර ඇත.


Merchant Bank of Sri Lanka & Finance PLC © 2021

Solution by LankaCom