mbsl bulding

mbsl web news and events ceo banners 2021 may newශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සහ ෆිනෑන්ස් පී.එල්.සී. (MBSL) 2021 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කර ඇත. MBSL ආයතනයට 2021 වර්ෂයේ පළමු කාර්තුවේ මෙන්ම ඊට පෙර මාසවල ද බරපතල අභියෝලවලට මුහුණ දීමට සිදු වුණත්, එකී අභියෝග සාර්ථකව ජයගෙන අදාල කාර්තුවේ ලාභයක් වාර්තා කිරීමට ආයතනය සමත් ව තිබේ.

MBSL ආයතනයේ 2020 පළමු කාර්තුවේ බදු ගෙවීමට පෙර ලාභ වර්ධනය 296% ක් ලෙස වාර්තා කර ඇත. එම ලාභය කොරෝනා වසංගතය සමඟ ඇතිවූ අභියෝගවලට මුහුණදීමට කටයුතු කිරීම සඳහා ආයතනය තුළ සිදු කළ වෙනස්කම්වල සෘජු ප්‍රතිඵලයකි. 2020 පළමු කාර්තුවේදී ශුද්ධ පොලී ආදායම 70% කින් එනම් රු. මිලියන 422 සිට රු.මිලියන 718 ක් දක්වා වර්ධනය වී ඇත.

MBSL ආයතනයේ සභාපති කාංචන රත්වත්ත මහතා පැවැසුවේ ආයතනය, විවිධ දුෂ්කරතා හමුවේ වූවත් නිරන්තරයෙන් අභියෝගවලට මුහුණදීමට ඇති හැකියාව පිළිබිඹු කර ඇති බවයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

‘‘නම්‍යශීලීව හා කඩිසරව වැඩ කිරීමට අපට ඇති හැකියාව ගැන අපි නිරන්තරව ආඩම්බර වෙමු. කාලය සමඟ ගමන් කිරීමට අපට ඇති හැකියාව, අපගේ කණ්ඩායමේ ආයතනය පිළිබඳ හැඟීම සහ ඕනෑම තත්වයක විශිෂ්ටත්වය සඳහා වූ අපගේ කැපවීම මෙම දුෂ්කර කාලවලදී සැරිසැරීමට සහ ශක්තිමත් ලෙස පිටතට පැමිණීමට අපට උපකාරී වී තිබේ. සමාගම නව ජවයකින්, වැඩි අවධානයක් සහ නව උපාය මාර්ග සමඟ හැරී සිටී. අපගේ අනාගතය ගැන අපි ඉතා සුබවාදීව සිටිමු”.

දළ ඉපැයීම්වල වර්ධනය, මූල්‍ය වෙළෙදපොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වැඩිවීම හා දේපල වෙළඳාම් ආදායමේ ප්‍රතිඵලයකි. සමාගමේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය තැන්පතු 5% කින් එනම් රු. බිලියන 21.7 සිට රු. 22.8 බිලියන දක්වා වැඩි වීමෙන් වඩාත් තහවුරු වී ඇත. වැඩිදියුණු කළ නව ව්‍යාපාරවල වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 33% කින් වැඩි විය. පිරිවැය දැඩි ලෙස කළමනාකරණය කිරීම මඟින් පසුගිය වසර සමග (හා) සැසදීමේදී 1% කින් මෙහෙයුම් පිරිවැය අඩු කිරීමට සමාගමට හැකි වී ඇත.

කොරෝනා වසංගතය MBSL ආයතනයේ සමස්ත ව්‍යාපාර කටයුතු කෙරෙහි අයහපත් ආකාරයට බලපෑ නමුත් පාරිභෝගික ජනතාවට මූල්‍ය සහන සැලසීම සදහා රජය හදුන්වාදුන් සියළු සහන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ආයතනය පසුබට නොවීය.

MBSL ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී (වැඩ බලන) ජූඩ් ගමලත් මහතා මහතා මෙසේ පැවසීය. “පාරිභෝගික සම්බන්ධතා කෙරෙහි අප දක්වන දැඩි කැපවීම, ඔවුන් අප කෙරෙහි ඇති විශ්වාසය ශක්තිමත් කිරීම, ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම සහ අපගේ කාර්ය මණ්ඩලයේ 100% කැපවීම මත, මෑත කාලයේ රටේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් මනාව කළමනාකරණය කරමින් ලාභයක් වාර්තා කිරීමට අපට හැකි විය. 2021 පළමු කාර්තුවේදීම ඉක්මන් පෙරළියක් ඇති කිරීමට එවැනි සාධක රාශියක් අපට ඉවහල් වී ඇත. අපට මෙවැනි කාර්්‍යයක් කිරීමට හැකිවීම ගැන අපි සතුටු වන අතර අනාගතයේ අඛණ්ඩ සාර්ථකත්වයක් ඉලක්ක කරමු. ”

1982 දී ආරම්භ කරන ලද MBSLආයතනය 1991 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළ පොදු සමාගමක් බවට පත්විය. වර්තමානයේ එය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික මූල්‍ය සේවා ක්ෂේත්යේ අති සාර්ථක පුරෝගාමි මූල්‍ය ආයතනයක් ලෙස ස්වකීය ගනු-දෙනුකරුවන්ට ලීසිං පහසුකම්, සුළු හා මධ්‍යයම පරිමාණ කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම්, වෙළෙඳ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම්, සංස්ථාපිත උපදේශක සේවා, කොටස් වෙළෙඳපොළ කටයුතු, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, දේපළ වෙළෙදාම සහ රන් ණය සේවා යනාදි මූල්‍ය සේවා රැසක් සපයයි. MBSL ආයතනයේ විශාලතම කොටස් හිමියා වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ උපාය මාර්ගික කොටස් ප්‍රමාණය 74% කි. MBSL ආයතනයේ දිවයින පුරා ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා හා සේවා ස්ථානි 48 ක් ස්ථාපිත කර ඇත.


Merchant Bank of Sri Lanka & Finance PLC © 2021

Solution by LankaCom