පුංචි

"Punchi"ළමා ඉතුරුම් ගිණුම

ළමා ඉතුරුම් ගිණුම් වන ‘MBSL පුංචි’ සහ ‘MBSL පුංචි ස්ටාර්’ සැලසුම් කර ඇත්තේම ඔබේ දරුවන්ගේ මූල්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ය. දරුවන්හට උපරිම ප්‍රතිලාභ ලබාදෙන ගිණුමක් ලෙස, සාමාන්‍ය පොලී අනුපාතවලට වඩා ඉහළ අගයක් අප ලබා දෙන අතර, ළමයින් හට, ඔවුන් වැඩිහිටියන් බවට පත්වන අවදියේදී ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත මූල්‍යමය පදනමක් මත ආරම්භ කිරීමට ඉඩ සැලසෙන පරිදි මෙම ගිණුම් ක්‍රමය ව්‍යුහගත කර ඇත. දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට දරුවෙකුට දියහැකි හොඳම ත්‍යාගයක් වන අතර, උපතේ සිට වයස අවුරුදු 18 ට අඩු ඕනෑම දරුවෙකු සඳහා මෙම ගිණුමක් විවෘත කළ හැකිය.

ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්

  • දරුවාගේ උප්පැන්න සහතිකය
  • ගිණුම විවෘත කරන්නා ( දෙමව්පියන් හෝ භාරකරු ) සතුව වලංගු ජාතික හැඳුනුම්පතක් තිබීම.
  • රු. 500/ – ක් වැනි අවම ආරම්භක තන්පතුවකින් ගිණුම විවෘත කළ හැකිය.

ප්‍රතිලාභ

  • දරුවාගේ ඉතුරුම් වැඩිවීම අනුව වටිනා තෑගි පිරිනැමේ. තෑගි යෝජනා ක්‍රමය (උපග්‍රන්ථය 1)
  • වාර්ෂිකව 5% ක් වන පොලී අනුපාතය
  • සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සහ නත්තල් සමයේදී විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන්.

"Punchi Star"ළමා ඉතුරුම් ගිණුම

ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්

  • දරුවාගේ උප්පැන්න සහතිකය
  • ගිණුම විවෘත කරන්නා ( දෙමව්පියන් හෝ භාරකරු ) සතුව වලංගු ජාතික හැඳුනුම්පතක් තිබීම.
  • රු. 500/ – ක් වැනි අවම ආරම්භක තන්පතුවකින් ගිණුම විවෘත කළ හැකිය.

ප්‍රතිලාභ

  • වාර්ෂිකව 6% ක් වන පොලී අනුපාතය
  • සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සහ නත්තල් සමයේදී විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන්.
  • දරුවන් සඳහා නොමිලේ රක්ෂණ ආවරණයක් ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්

දැනට පවතින ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත

ඉතිරි කිරීමේ ගිණුම් අනුපාත
විස්තරය අනුපාතය
සාමාන්‍ය ඉතුරුම් 3.75%
බෝනස් ඉතුරුම් (25% ක බෝනස් පොලිය සමගින් පොලී මත පොලිය) 4.50%
“ආචාර” ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් 7.00%
“සශ්රීකා” කාන්තා ඉතුරුම්‍ 4.75%
“උසස්” ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
ගිණුම් ශේෂය රු.1000.00 – රු.9999.00 4.25%
ගිණුම් ශේෂය රු.10,000.00 – රු.24,999.00 5.25%
ගිණුම් ශේෂය රු.25,000.00 හෝ ඊට වැඩි 7.00%
ළමා ඉතිරි කිරීමේ ගිණුම්
විස්තරය අනුපාතය
“Punchi” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 5.00%
“Punchi Star” ළමා ඉතිරි කිරීමේ ගිණුම් 6.00%

වැඩි විස්තර සඳහා

කරුණාකර සම්බන්ධ වන්න
Gobi - 0778193893
Manisha - 0770205561

විමසීමක් කරන්න