mbsl bulding

ත‍්‍රී-වීල් ලීසිං අතර වාසිම සහ පහසුම ඞීල් එක ‘‘MBSL-වීල් ඞීල්’’

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ‍්‍රී ලංකා ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සීඞීී (MBSL) ත‍්‍රී-රෝද රථ සදහාම විශේෂ වූ නව ලීසිං සේවාවක් ‘‘MBSL-වීල් ඞීල්’’නමින් පසුගියදා වෙළෙදපොළට හදුන්වා දෙන ලදී. ලියාපදිංචි කළ ත‍්‍රි-රෝද රථයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අයට මෙම ලීසිං සේවාව යටතේ එවෙලේම ලීසිං පහසුකම් ලබා ගත හැකිය.

MBSL ආයතනය ‘‘MBSL-වීල් ඞීල්’’ලීසිං පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ රක්ෂණ ආවරණයක් සහ වගකීමක් සහිත Full HD ඩෑෂ් කැමරාවක් නොමිලේ ලබා දෙයි. MBSL ආයතනයෙන් මෙම ලීසිං සේවාව ලබා ගන්නා පාරිභෝගිකයන්ට තවත් වාසි රැසක් හිමි වේ. අවම ලිය-කියවිලි ප‍්‍රමාණයකින්, එවෙලේම, අඩුම පොලී අනුපාතයක් යටතේ ලීසිං සේවාව ලබා දීම, ලීසිං ලබා ගන්නා පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටම අනුව වාරික මුදල සහ කාලය තීරණය කිරීම එම වාසිවලින් සමහරකි. එසේම ‘‘MBSL-වීල් ඞීල්’’ලීසිං සේවාවට කිසිදු ලිය-කියවිලි ගාස්තුවක් අය නොකරයි.


1982 දී ආරම්භ කරන ලද MBSL ආයතනය 1991 දී කොළඹ කොටස් වෙළෙදපොළේ ලියාපදිංචි කළ පොදු සමාගමක් බවට පත්විය. වර්තමානයේ එය ශ‍්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ අති සාර්ථක පුරෝගාමි මූල්‍ය ආයතනයක් ලෙස ස්වකීය ගනු-දෙනුකරුවන්ට ලීසිං පහසුකම්, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සදහා මූල්‍ය පහසුකම්, වෙළෙද ව්‍යාපාර සදහා මූල්‍ය පහසුකම්, සංස්ථාපිත උපදේශක සේවා, කොටස් වෙළෙදපොළ කටයුතු, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, දේපළ වෙළෙදාම සහ රන් ණය සේවා යනාදි මූල්‍ය සේවා රැුසක් සපයයි.


MBSL ආයතනයේ විශාලතම කොටස් හිමියා වන්නේ ශ‍්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ උපාය මාර්ගික කොටස් ප‍්‍රමාණය 74‍ කි. MBSL ආයතනයේ දිවයින පුරා ප‍්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා සහ ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන 49 ක් ස්ථාපිත කර ඇත.


Merchant Bank of Sri Lanka & Finance PLC © 2020

Solution by LankaCom