mbsl bulding

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල් .සී ( MBSL) පිළිගත් සන්නාම යටතේ එන ලියාපදිංචි කළ මෝටර් බයිසිකල් සදහාම විශේෂ වූ නව ලිසිං පැකේජයක් හදුන්වා දී ඇත.

"MBSL-රයිඩර්ස් ක්ලබ් " නමින් හදුන්වා දී ඇති මෙම විශේෂ ලිසිං පැකේජය යටතේ "ලියාපදිංචි කළ" ජපන් මෝටර් බයිසිකල් එක දවසින් හිමිකර ගැනීමට පාරිභෝගිකයන් හට අවස්ථාව සලසා දී ඇත. ලියාපදිංචි කළ ජපන් මෝටර් බයිසිකල් සදහා මෙවැනි ලිසිං සේවාවක් සපයන්නේ වෙළදපොළේ පළමුවරට වීම විශේෂත්වයකි. එසේම ඉන්දියානු නිෂ්පාදනයක් වන "රෝයල් එන්ෆීල්ඩ්" මෝටර් බයිසිකල් සදහා ද මෙම ලීසිං පැකේජය වලංගු වේ. මෙම ලිසින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන් හට එක්දින කඩිනම් සේවය, අවම ලියකියවිලි, ආකර්ෂණීය පොළී අනුපාතය, අදායම් මට්ටම අනුව වාරික මුදල හා කාලය තීරණය කිරීම යන වාසි ද හිමි වේ.

තවද පෙර පැවති "MBSL ඩබල් වීල් " ලිසිං පැකේජය යටතේ බ්‍රෑන්ඩ් නිව් මෝටර් බයිසිකල් එකක් දවසින් හිමිකර ගැනීමේ අවස්ථාව ද පාරිභෝගිකයන් හට හිමිවන අතර එම ලීසිං සේවාවට ද ඉහත වාසි පැකේජය අදාල වේ.

1982 දී ආරම්භ කරන ලද MBSLආයතනය 1991 දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළ පොදු සමාගමක් බවට පත්විය. වර්තමානයේ එය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික මූල්‍ය සේවා ක්ෂේත්යේ අති සාර්ථක පුරෝගාමි මූල්‍ය ආයතනයක් ලෙස ස්වකීය ගනු-දෙනුකරුවන්ට ලීසිං පහසුකම්, සුළු හා මධ්‍යයම පරිමාණ කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම්, වෙළෙඳ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම්, සංස්ථාපිත උපදේශක සේවා, කොටස් වෙළෙඳපොළ කටයුතු, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, දේපළ වෙළෙදාම සහ රන් ණය සේවා යනාදි මූල්‍ය සේවා රැසක් සපයයි. MBSL ආයතනයේ විශාලතම කොටස් හිමියා වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවයි. ලංකා බැංකුවේ උපාය මාර්ගික කොටස් ප්‍රමාණය 74% කි. MBSL ආයතනයේ දිවයින පුරා ප්‍රධාන ශාඛාව ඇතුළුව ශාඛා 49 ක් ස්ථාපිත කර ඇත.


Merchant Bank of Sri Lanka & Finance PLC © 2021

Solution by LankaCom